මම හිතුව ඇත්තටම
සරලව සිටම ඉගෙනගන්න කෙනෙක්ට මේ දෙයත් බොහෝ
වැදගත් වේවි කියලා.
When do you use a capital letter?
1]Use a capital letter for the first letter in a sentence:
The capital letter is also called a big letter or
upper- case letter, or sometimes just a
capital.
මේ
ඉහත කියලා තියෙන්නේ capital letter එකක් කියලා
කියන්නේ සරලවම ලොකු අකුරක් , එහෙමත් නැත්නම් තරමක් විශාල අකුරකට කියලයි.
A B C D E F G H I J K L M
N O P Q R S T U V W X Y Z
මේ
තමා අපෙ ඉංග්‍රීසි අකුරු මාලාවේ ඇතුලත් වෙන capital letters 26.
Capital Letters කියලා
කිව්වහම අපි හිතන දෙයට වඩා වැඩි යමක් එහි තියෙනවා.ඇත්තටම මම හිතන්නේ නම්
අපි ඉංග්‍රීසි ඉගෙනගන්නවා කියන්නේ එන්න ඒ පොඩි දේ
පවා දැනගෙන ඉන්න එකට කියලයි. .කැපිටල් අකුරු ලියන විදිහ අපි කවුරුත් දන්නවා.නමුත් මේවා යොදාගන්න අවස්ථා පිලිබදව දන්නේ බොහොම සීමිත දේවල් ටිකක් විතරයි. එහෙනම් අපි දැන් බලමු මොනවගේ අවස්ථා වලදීද මේවා යොදාගන්නේ කියලා.
When do you use a capital letter?
ඔබ
කැපිටල් අකුරු භාවිත කලයුත්තේ කුමන වෙලාවලදීද?
1]Use a capital letter for the first letter in a sentence:
වාක්‍යක මුල අක්ෂරය
ලෙස කැපිටල් අකුරක් භාවිතා කරන්න.
- The dog is barking.
- Come here!
2]Always use a capital letter for the word I :
සෑමවිටම
I එහෙමත් නැතිනම් මම කියන වචනය
සදහා කැපිටල් අකුරක් භාවිතා කරන්න.
- I am eight years old.
- Tom and I are good
friends.
3]Use a capital letter
for the names of people:
මිනිසුන්ගේ
නම් සදහා මුල් අකුර ලෙස කැපිටල් අකුරක් යොදා ගන්න.
- Alice, Tom, James, Kim, Snow White
4]Use a capital letter for the names of places:
ස්ථාන
සදහා ද මුල් අකුර
ලෙස කැපිටල් අකුරු භාවිතා කරන්න.
- National Museum, Bronx Zoo, London, Sacramento
5]Use a capital letter for festivals, holidays, days of the week, months of the year:
උත්සව,නිවාඩු දින, සතියේ දින, අවුරුද්දේ මාස වැනි දේ ලිවීමේදීත් මුල්
අකුර ලෙස කැපිටල් අකුරු භාවිත කරන්න.
- New Year’s Day, Christmas, Labor Day, Mother’s Day, Sunday, Monday, Friday, January, May, July, October
- New Year’s Day, Christmas, Labor Day, Mother’s Day, Sunday, Monday, Friday, January, May, July, October
මෙන්න
මේ කිව්ව අවස්ථා වලදී තමා අපි CAPITAL LETTERS භාවිතා කරන්නේ.මේ හදුන්වාගත් දෙයම නැවත අපි පහත වීඩියෝව හරහාත් අවබෝධකරගනිමු ගනිමු.
එසේනම්
ඉහතින් ගෙනාපු තොරතුරු උපයෝගී කරගනිමින් පහත ක්‍රියාකාරකම් ද්විත්වය
කිරිමට පොඩි
උත්සහයක් දරන්න, ඉතාමත් සරල දෙයක්!
Exercise 1
Clirce the letters that should be CAPITALS. Then write the
correct letter in the space above them.
කැපිටල්
විය යුතු අකුරු රවුම් කරන්න. ඉන්පසු ඒවාට ඉහළින් ඇති අවකාශයේ නිවැරදි අකුර ලියන්න.
- peter and i are good friends.
- we are going to chicago during our summer vacation.
- there is an interesting football game on sunday.
- jason lives on thomson avenue.
- january is the first month of the year.
Exercise 2
Look at the signs on the left. Can you find the mistakes? Write the names correctly.
වම්
පස ඇති සලකුණු දෙස බලන්න. ඔබට වැරදි සොයාගත හැකිද? නම් නිවැරදිව ලියන්න.
මෙම ක්‍රියාකාරකම් වලට
අදාල පිළිතුරු, මාගේ ඊලග ලිපිය වන NOUNS පිළිබදව ගෙනෙන ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා.එසේනම් අදට ලිපිය නිමයි.ඊලග ලිපියෙන් හමුවෙමු.
Comments
Post a Comment