Adjectives - නාම විශේෂණ

අදින් Adjectives එනම් නාම විශේෂණ පද යන කොටස ආරම්භ වනවා.



නාම විශේෂණ යනු අප කිසියම් වූ දෙයක්  අර්ථාන්විතව  මෙන්ම රසවත්ව ප්‍රකාශ කිරීමේදී නැතිවමබැරි දෙයක්.

An adjective is a describing word. It tells you more about a noun. An adjective usually appears before the noun it describes. Sometimes, though, the adjective appears after the noun, later in the sentence.

නාම විශේෂණ  යනු නාම පදයක් විස්තර කරන වචනයකි. එය ඔබට නාම පදය පිළිබද වැඩි විස්තර කියයි. සාමාන්‍යයෙන් නාම විශේෂණයක් එය හදුන්වනු ලබන නාම පදය ඉදිරියෙන් යෙදේ . සමහර විට, නාම විශේෂණය නාම පදයෙන් පසුව,  වාක්‍යයෙන් පසුව ද  දිස්වේ.

There are  main 3 types of adjectives. - ප්‍රධාන නාම විශේෂණ වර්ග 3 ක් ඇත.


  •        Adjective Endings 
  •        Kinds of Adjectives 
  •        Comparison of Adjectives 

දැන් අපි ඉහත වර්හ ත්‍රිත්වයටම  අදාලවන නිදසුන් කිහිපයක් පොදුවේ විමසා බලමු.

*a busy street
  කාර්යබහුල වීදියකි

*a dark corner
  අඳුරු කොනක්

*a deep sea
  ගැඹුරු මුහුදක්

*a large bed
  විශාල ඇඳක්

*It is windy.
  එය සුළං සහිතයි.

*John’s handwriting is very neat.
  ජෝන් ගේ අත් අකුරු ඉතා පිළිවෙලට තිබේ.

*The sea is rough.
  මුහුද රළු ය.

*All the players are very tall.
  සියලුම ක්රීඩකයන් ඉතා උසයි.

*The baby’s hands are very small.
  දරුවාගේ දෑත් ඉතා කුඩාය.


*Sue’s drawing is beautiful
 සූගේ ඇඳීම ලස්සනයි.

*That problem is too difficult.
  එම ගැටළුව ඉතා අපහසුය.

*Peter is very quiet today.
  පීටර් අද හරිම නිශ්ශබ්දයි.





100 Common Adjectives




ඉහත දක්වා තිබෙන කරුණු ආශ්‍රයෙන් මෙම ක්‍රියාකාරකම සදහා උත්සාහයක් දරන්න.

Exercise 1

Underline the adjectives in the following sentences.
පහත වාක්‍ය වල ඇති නාම විශේෂණ පද යටින් ඉරක් අදින්න.

1. There is an empty room upstairs.
2. It’s a hot summer.
3. You are so kind.
4. Don’t be crazy.
5. This park is clean and green.
6. Many people exercise to keep healthy.
7. I think these eggs are rotten.
8. We are all bored. There isn’t anything to do.
9. The pupils don’t find the joke amusing.
10. James was absent because he was ill.


අද ලිපිය වෙන්වූයේ නාම විශේෂණ යනු මොනවාද , ඊට අදාල නිදසුන් මොනවාද යන්න දක්වාලිම සදහායි.නාම විශේෂණයන්ගේ  ප්‍රධාන වර්ග තුන වෙන වෙනම ඊලග ලිපියන්ගෙන් ගෙනෙන්නට බලාපොරොත්තු වනවා.

Comments