Proper Nouns

Nouns වල ප්‍රධාන දෙකොටසෙන් අද මා ගෙනෙන්නේ දෙවන කොටස වන Propernoun පිලිබදවයි. මෙය Common noun හා සමගාමී වන අර්ථයක් ගෙන ආවද සුළු වෙනස්කම් කිහිපයක් දක්වන බව මෙය කියවිමෙන් ඔබට වටහා ගත හැකි වේ.

Proper nouns are names for particular people, places or things. They always begin with a capital letter. 

Proper nouns යනු විශේෂිත පුද්ගලයින්, ස්ථාන හෝ දේවල් සඳහා නම් වේ. ඒවා සෑම විටම ලොකු අකුරකින් ආරම්භ වේ


මෙම හැදින්වීමෙ වැදගත්ම වචනය වෙන්නේ විශේෂිත කියන එකයි. proper nouns , common nouns වලින් වෙනස් වන්නේද මෙන්න මේ කියන හේතුව නිසාවෙන්මයි. විශේෂිතව හදුනාගත් පුද්ගලයෙක් වේද, විශේෂිත ලෙස හදුන්වනු ලබන ස්ථානයක් වේද, විශේෂිත ලෙසින් ප්‍රකාශිත යම්කිසි දෙයක් වේද, ඉදිරිපත් කිරීමට මෙය භාවිත කරයි.

දැන් අපි ඒ සදහා අයත් වෙන කොටස් ,නිදසුන් සමග දැන හදුනා ගනිමු.


  • Here are some more names of people: 


Robin Hood
මෙන්න තවත් පුද්ගලයින්ගේ නම් කිහිපයක්, පුද්ගලයන් ?? ඔව්, විශේෂිත පුද්ගලයන් තමා  මෙයට අයත් වන්නේ. සරලව ,මෙය පුද්ගලයෙකුගේ  නාමයක් ලෙස හදුන්වන්නත් පුළුවන්..

Ali Baba අලි බබා
Florence Nightingale -ෆ්ලෝරන්ස් නයිටිංගේල්
Derek Jeter - ඩෙරෙක් ජෙටර්
Pauline - පෝලීන්
Johnny Depp - ජොනී ඩෙප්
Patrick - පැට්රික්
Harry Potter - හැරී පොටර්
Pinocchio - පිනොචියෝ
Robin Hood - රොබින් හුඩ්

එතකොට ඔබත් මමත් මෙයට අයිතිවෙන් නැතිද ?  අයිති වෙනවා .
Your own name and the names of your friends are proper nouns too. 
ඔබේ නම සහ ඔබේ මිතුරන්ගේ නම් ද proper nouns  වේ.


  • The names of countries and their people are also  proper nouns


රටවල් සහ ඔවුන්ගේ ජනතාවගේ නම් ද නිසි නාම පද වේ.


Country               People

America          Americans (ඇමරිකානුවන්)
Korea               Koreans (කොරියානුවන්)
Egypt              Egyptians (ඊජිප්තුවරුන්)
Malaysia       Malaysians( මැලේසියානු )
India                 Indians (ඉන්දියානුවන්)
Pakistan        Pakistanis (පකිස්ථානුවන්)
Italy                   Italians (ඉතාලියනුවන්)
France           the French (ප්‍රංශ ජාතිකයන්)
Japan             the Japanese (ජපන් ජාතිකයන්)
Thailand        Thais(තයිවනුවන්)


  • The names of towns, cities, buildings and landmarks  are proper nouns.As well as the names of mountains, seas, rivers and lakes are proper nouns too.


නගර, ගොඩනැගිලි සහ බිම් සලකුණු proper nouns වලට අයත් වේ.එමෙන්ම කඳු, මුහුද, ගංගා සහ විල් යන නම් ද proper nouns ගණයට අයත් වේ.

ඒ වගේම මේ විදියටත් අපට මෙය කියන්නට පුළුවන්.
The names of famous places, buildings and monuments are proper nouns.(ප්‍රසිද්ධ ස්ථාන, ගොඩනැගිලි සහ ස්මාරකවල නම් නිසි නාම පද වේ.)

Big Ben (බිග් බෙන්)
the Empire State Building (එම්පයර් ස්ටේට් )
the Sphinx(බිල්ඩිං ස්පින්ක්ස්)
the Taj Mahal (ටජ්මහල)
           Graceland(ග්‍රේස්ලන්ඩ්)
the Eiffel Tower (අයිෆල් කුළුණ)
the Grand Canyon (ග්‍රෑන්ඩ් කැනියොන්)
the Golden Gate Bridge (ගෝල්ඩන් ගේට් පාලම)
the Sydney Opera House (සිඩ්නි ඔපෙරා හවුස්)
the Great Wall of China (චීන මහා ප්රාකාරය)
Buckingham Palace (බකින්හෑම් මාලිගාව)
Chaco Canyon Pueblo (චාකෝ කැනියොන් පියුබ්ලෝ)
the Leaning Tower of Pisa (පීසා හි හේත්තු වීමේ කුළුණ)
the Statue of Liberty (නිදහසේ ප්රතිමාව)

Bangkok (බැංකොක්)
New Delhi (නව දිල්ලි)
the Himalayas
London (ලන්ඩන්)
Denver (ඩෙන්වර්)
New York (නිව් යෝර්ක්)
Paris (පැරිස්)
Beijing (බීජිං)

Lake Michigan (මිචිගන් විල)                             
the Alps (ඇල්ප්ස් කඳුකරය)
the Himalayas (හිමාලය)
the Dead Sea (මළ මුහුද)
the Pacific Ocean (පැසිෆික් සාගරය)
Mount Fuji(ෆුජි කන්ද)
the Yellow River(කහ ගඟ)
(You often use the before names of oceans, rivers, seas and ranges of mountains. Mount means mountain.  It is often used in the names of mountains.  For example:  Mount Everest Mount St. Helens The written short form for Mount is Mt. For example: Mt. Everest, Mt. Fuji)


  • The days of the week and months of the year are proper nouns. 


සතියේ දින සහ අවුරුද්දේ මාස proper noun වේ.

Days (දින)

Sunday (ඉරිදා)
Monday (සඳුදා)
Tuesday(අඟහරුවාදා)
Wednesday(බදාදා)
Thursday (බ්‍රහස්පතින්දා)
Friday (සිකුරාදා)
Saturday(සෙනසුරාදා)

Months (මාස)

January(ජනවාරි)
February (පෙබරවාරි)
March (මාර්තු)
April (අප්රේල්)
May (මැයි)
June(ජුනි)
July  (ජූලි)
August (අගෝස්තු)
September(සැප්තැම්බර්)
 October (ඔක්තෝබර්)
November (නොවැම්බර්)
December(දෙසැම්බර්)


  • The names of festivals, some special events and holidays are proper nouns, too


 උත්සව වල නම්, සමහර විශේෂ සිදුවීම් සහ නිවාඩු දිනයන් ද  proper nouns, වේ

Christmas (නත්තල්)
Mother’s Day (මව්වරුන්ගේ දිනය)
Memorial Day (අනුස්මරණ දිනය)
April Fool’s Day(අප්රේල් මෝඩයාගේ දිනය)
Labor Day  (කම්කරු දිනය)
Thanksgiving Day(ස්තූති කිරීමේ දිනය)
Independence Day (නිදහස් දිනය)
St. Patrick’s Day (ශාන්ත පැට්‍රික් දිනය)

ඉහත ඔබ  ලබා ගත් දැනුම උපයෝගිකරගනිමින් පහත ක්‍රියාකාරකම් කිරීමට උත්සහයක් දරන්න.

 Exercise

Underline the common nouns and circle the proper nouns in these sentences.
(common nouns යටින් ඉරක් අදින්න. proper nouns රවුම් කරන්න.)

1.I told Uncle John about my  accident.
2.Kim and Stephanie wore masks on Halloween.
3.The lawnmower is broken.
4.We’re goin to the movies tomorrow.
5.The lion is playing with one of its cubs.
6.My sister’s favorite soccer player is David Beckham.
7.I’m watchin a  videotape about the Sahara Desert.
8.The tourists visited Rome and saw the Colosseum.
9.Does this bus go to the stadium?
10.We’re reading a story about a boy called Harry Pott

Nouns දෙවන කොටස වන proper nouns පූර්ණ වශයෙන් අද ලිපියෙන් ආවරණය කර ඇත. මගේ ඊලග ලිපිය තවත් Nouns වර්ගයක් වන singular nouns පිලිබදවයි...ඊලග ලිපියෙන් හමුවෙමු.

Comments