මේ 2020... මම මේ ලිපිය ආරම්භ කරන්නේ මුළු ලෝකයක් මහා ව්‍යසනයකට මුනුන දීලා තියෙන අවස්ථාවක.ඇත්තටම මේ ලිපිය පටන් ගැනීමේ අරමුණ වෙන්නේ මුලික විෂයන් දෙකක් යටතේ අධ්‍යාපනික සිසුන්ට දැනුම බෙදාදීමයි.
ඒ විෂයන් වෙන්නේ ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂනය කියන ප්‍රදාන විෂයන්.මම හිතන විදිහට අද වෙද්දී අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ විෂයන් දෙකට තියෙන්නේ ලොකු තැනක්. ඉංග්‍රීසි ගැන කතා කලොත් වර්තමාන සමාජයේ නැතුවම බැරි දෙයක් විදිහටයි මන් නම් දකින්නේ..ICT කියන්නෙත් ඒ හා සමානවම අධ්‍යාපනය සමග ඈදී තියෙන විෂයක්.ඉතින් මගේ මේ උත්සාහය මේ කියන විෂයන් දෙක සම්බන්දවම මගේ ලිපි පරිශීලකයන්ට හොද අවබෝධයක් ලබාදීම.
ඉංග්‍රීසි කියන විෂය ගත්තොත් මම එය මෙහිදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලිකම එහෙමත් නැත්නම් පොඩිම අවස්ථාවේ ඉදලා , මොකද සිංහලයන් විදිහට බහුතරයකට ඉංග්‍රීසි කියන්නේ වහකදුරු...නමුත් මන් මේකෙදි හැම දේම මුල ඉදන්ම පල කරනවා බොහොම සරලින්.සරල අවස්ථාවේ ඉදල සංකීර්ණ අවස්ථාව දක්වා ලිපි පෙළගස්වන්න මන් බලාපොරොත්තු වෙනවා.
ඊටපස්සේ මගේ ලිපි ගොනුවේ ප්‍රධාන තැනක් ගන්නේ ICT .මම මේ විෂය 6,7,8,9,10,11 කියන ශ්‍රේණි වල පෙළ පොත් වලට අදාලව සෑම කොටසක්ම ආවරණය වන විදිහට පල කරන්න බලාපොරොත්තු වෙනවා..
නමුත් මම ප්‍රථම ලිපි ගොනුව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි විෂය ආශ්‍රයෙන්.එම විෂය සමගාමී ඉදිරිපත් කිරීම් වලින් පසුව ICT විෂය සම්බන්ධ විස්තරකිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේ තමා මගේ ලිපිය ගැන සාරාංශය. මම හිතනවා මගේ මේ ලිපි ගොනුව ගැන ඔයාලට යම්කිසි අදහසක් ලබාගන්න හැකි වෙන්න ඇති කියලා.මගේ පළමු ලිපියෙන් ඔබ හමුවෙන්නට බලාපොරොත්තුවෙන් මෙම හැදින්වීමේ ලිපියෙන් සමුගන්නවා....
අපි ONE WORLD ACADEMY .
Great Work Keep Going.
ReplyDeleteThank you very much..
Delete