Interrogative Pronouns

අද ලිපිය වෙන්වන්නේ Interrogative Pronouns පිලිබදවයි.




Interrogative pronouns are used to ask questions. The words who,whose, what, which and whom are interrogative pronouns.

ප්‍රශ්නාර්ථ සර්වනාම ප්‍රශ්න ඇසීමට භාවිතා වේ.කවුද, කාගේ, කුමක්, කුමන සහ කවුරුන්ද යන්න ප්‍රශ්නාර්ථ සර්වනාම යටතට අයත් වේ.


1]WHO - මෙය යම් ක්‍රියාවක් සිදු කල කෙනෙකු පිළිබද විමසීමේදී යොදා ගනී,එනම්ක්‍රියාවක කතෘ පිළිබද විමසයි.

  • Who used all my paper?
          මගේ  කඩදාසි සියල්ලම භාවිතා කළේ කවුද?
  • Who is Mom talking to?
           අම්මා කාටද කතා කරන්නේ?
  • Who are those people?
          කවුද ඒ මිනිස්සු?

2]WHOM - මෙය , කතෘ හැරුණු විට අදාල ක්‍රියාවට සම්බන්ධ වූ නැතහොත් සහභාගී වූ                            අනෙකුත් පාර්ශව පිළිබද විමසීමට යොදා ගනී.

  • Whom are you playing with?
          ඔබ කා සමඟද සෙල්ලම් කරන්නේ?
  • Whom is he talking to?
          ඔහු කා සමඟද කතා කරන්නේ?
  • Whom are they fighting with ?
          ඔවුන් කා සමඟද සටන් කරන්නේ?

3]WHOSE - මෙය යම් දෙයක අයිතිය කා සතුද යන්න විමසීමට යොදා ගනී.

  • Whose pen is this?
          මෙම පෑන කාගේද?
  • Whose are these shoes?
          මෙම සපත්තු කාගේද?
  • Whose article  is this  ?
          මෙය කාගේ ලිපියද?

4]WHAT - මෙය යමක් පිළිබද දැනගැනීමට , කුමක්ද, මොනවද, කුමන දේවල්ද, ආදී                               අර්තයන්ගෙන් භාවිතා කරයි.සතුන් සහ දේවල් පිළිබද විමසයි.

  • What is your brother’s name?
          ඔබේ සහෝදරයාගේ නම කුමක්ද?
  • What does Tom want?
          ටොම්ට අවශ්‍ය මොනවාද?
  • What is the date today?
           අද දිනය කවදාද?/කුමක්ද?
  • What do you want to be when you grow up?
          ඔබ වැඩෙන විට ඔබට කවුරුන් /කුමක් වීමටද  අවශ්‍ය?

5]WHICH - මෙය යම් කිසි වූ අප්‍රාණික දෙයක්, සතුන් හා මිනිසුන් පිළිබද  විමසීමට යොදා ගනී.

  • Which of these desks is yours?
          මෙම මේස අතරින් ඔබේ එක කුමක්ද?
  • Which do you prefer?
          ඔබ වැඩියෙන්ම කැමති කුමන දෙයටද?
  • Which of your sisters is the tallest?
          ඔබේ සහෝදරියන් අතරින් උසම තැනැත්තා කවුද?


NOTE

* In writing and formal speaking, you can also use whom as the object of verbs and prepositions. 

For example: 

  •  Whom did the president criticize? 
  •  Whom is the principal talking to? or To whom is the principal talking? 
* but you cannot use whom as the subject of a verb. 

  • So you cannot say: ✘ Whom came to the party last night? 
  • You have to say: ✔ Who came to the party last night? n 
* Who can be used as the subject or the object of a verb. 
For example: 

  •  Who broke the window? (as the subject) 
  •  Who are you inviting to your party? (as the object) 
* Who can be used as the object of a preposition. 
For example: 

  •  Who is Mom talking to? 
* You can also use whom as the object of a preposition. 
For example: 

  •  Whom is Mom talking to? 
* If you put the preposition before the interrogative pronoun, you must use whom: To whom is Mom talking?

ඉහතින් ගෙනා කරුණු හා සමගාමී වූ මෙම දැනුම පිරික්සීමේ වීඩියෝව සමග එක් වන්න.



අදට ලිපිය නිමයි.ඊලග ලිපියෙන් හමුවෙමු...........






Comments