Interrogative Determiners

Interrogative Determiners , එනම් තවත් Determiners වර්ගයක් සදහායි  අද මාගේ ලිපිය වෙන්වන්නේ.

Use the words what, which and whose before nouns to ask about people or things. These words are called interrogative determiners or interrogative adjectives.

මිනිසුන් හෝ දේවල් ගැන විමසීමට නාම පදවලට පෙර කුමක්ද, කුමන සහ කාගේද යන වචන භාවිතා කරයි. මෙම වචන ප්‍රශ්න කිරීමේ නිර්ණායක හෝ ප්‍රශ්න කිරීමේ නාමවිශේෂණ ලෙස හැඳින්වේ.


WHAT - කුමක්ද? / මොනවාද?

What time is it?
වේලාව කීයද?

What color is her hair?
ඇගේ කොණ්ඩයේ වර්ණය කුමක්ද?

What kind of clothes do you like to wear?
ඔබ ඇඳීමට කැමති ඇඳුම් මොනවාද?

What size do you wear?
ඔබ අඳින්නේ කුමන ප්‍රමාණයද?

What kind of bird is that?
එය මොන වගේ කුරුල්ලෙක්ද?

WHICH - කුමන / මොන 

Which school do you go to?
ඔබ යන්නේ කුමන පාසලටද?

Which doll is your favorite?
ඔබේ ප්‍රියතම බෝනික්කා කුමක්ද?

Which road leads to the zoo?
සත්වෝද්‍යානයට යන මාර්ගය කුමක්ද?

Which runner is the winner?
කුමන දුවන්නාද ජයග්‍රහණය කලේ? / ජයග්‍රාහකයා කවුද?

Do you know which girl won the prize?
ත්‍යාගය දිනාගත්තේ කුමන ගැහැණු ළමයාද කියා ඔබ දන්නවාද?

WHOSE - කාගේද?

Whose footprints are these?
මේවා කාගේ අඩිපාරද?

Whose baby is this?
මේ කාගේ බබාද?

Whose dog was barking in the middle of the night?
කාගේ බල්ලා මධ්‍යම රාත්‍රියේ බුරමින් සිටියේද?





Determiners දෙවන වර්ගය වන Interrogative Determiners පිලිබදව ත් මෙයින් නිම වන අතර තෙවන වර්ගය සමගින් ඊලග ලිපියෙන් හමුවෙමු....







******************************************************************************                                                              S     T     A     Y           A     T           H     O     M     E
******************************************************************************

Comments