Adjective Endings

අද මා ගෙනෙන්නේ පෙර ලිපියෙන් ඉදිරිපත්කල Adjectives එනම් නාම විශේෂණ පිළිබද තවදුරටත් විස්තරාත්මක කොටසක්.එනම් විශේෂණ පද  නිර්මාණය වන විවිධ ආකාර ත්‍රිත්වයක් පිලිබදවයි.
එයින් පළමු ආකාරය Adjective Endings වේ.

1] Adjective Endings  [නාම විශේෂණ අවසානයන්.]

Adjectives have different endings.
Some adjectives end in -ful , -less,--y.-ive, -ing, -ly, and etc ...
නාමවිශේෂණවල විවිධ අවසානයන් ඇත.
සමහර නාම විශේෂණ අවසන් වන්නේ -ful, -less, - y.-ive, -ing, -ly, සහ තවත්...

  • Some adjectives end in -ful or -less

a beautiful dress - ලස්සන ඇඳුමක්
a careless driver - නොසැලකිලිමත් රියදුරෙක්
a faithful dog - විශ්වාසවන්ත බල්ලෙක්
a harmless insect - හානිකර කෘමියක්
a useful tool - ප්‍රයෝජනවත් මෙවලමක්

** An adjective that ends in -less is the opposite of the same adjective that ends in -ful.
** Less යන්නෙන්  අවසන් වන නාම පදයක් -full  වලින් අවසන් වන  නාම පදයට ප්‍රතිවිරුද්ධ වේ.
For example: උදාහරණයක් වශයෙන්:
careful – careless [ප්රවේශම් - නොසැලකිලිමත්]
colorful – colorless [වර්ණවත් - වර්ණ රහිත]
harmful – harmless [හානිකර - හානිකරනොවන ]
useful – uselessන[ප්‍රයෝජනවත් -  නිෂ්ඵල ]

The -ful ending means having a lot of something.[Full  යන  අවසානයෙන් යන්නෙන් අදහස් කරන්නේ බොහෝ දේ තිබීම යන්නයි.]
උදාහරණයක් වශයෙන්:
painful = having a lot of pain [ගොඩක් වේදනාවක් ඇති]
hopeful = having a lot of hope [විශාල බලාපොරොත්තුවක් තිබීම]

The -less ending means without. [Less යන අවසානයෙන් අදහස් වන්නේ නැති,නොමැති හා අවම යන්නයි.]
For example:උදාහරණයක් වශයෙන්:
leafless = without leaves [කොළ නොමැතිව]
sleeveless = without sleeves [අත් නැති]


  •  Some adjectives end in -y.

a dirty street - අපිරිසිදු වීදියකි
a noisy room - ගෝශාකාරී කාමරයක්
an oilpot - තෙල් සහිත බඳුනක්
a sleepy passenger - නිදිමත මගියෙක්
a sunny day - අව්ව දවසක්

  • Some adjectives end in -ive.

an active child - ක්‍රියාශීලි ළමයෙක්
an attractive hat - ආකර්ශනීය තොප්පියක්
a creative toy- නිර්මාණශීලි සෙල්ලම්බඩුවක්

  • Some adjectives end in -ing

a caring nurse - සැලකිලිමත් හෙදියක්
an interesting book - රසවත් පොතක්
loving parents - ආදරණීය දෙමාපියන්
matching clothes - ගැලපෙන ඇඳුම්
a smiling face - සිනහ මුසු මුහුණක්

  • Some adjectives end in -ly.

a costly diamond ring - මිල අධික දියමන්ති මුද්දක්
an elderly woman -  වැඩිහිටි කාන්තාවක්
lively kittens - සජීවී පූස් පැටවුන්
a lonely boy - හුදකලා පිරිමි ළමයෙක්
a lovely girl - ලස්සන කෙල්ලෙක්
a weekly magazine - සතිපතා සඟරාවක්

  • Here are some adjectives with the endings -able, -al ,-en, -ible, -ish and -ous. 

childish behavior - බොළඳ හැසිරීම
a national costume - ජාතික ඇඳුමක්
a comfortable chair -සුව පහසු පුටුවක්
a musical instrument - සංගීත භාණ්ඩයක්
a dangerous place -  භයානක තැනක්
a terrible mess - දරුණු අවුලක්
a foolish act - මෝඩ ක්‍රියාවක්
a horrible smell - අප්‍රසන්න ගන්ධයක්
a wooden table - ලී මේසයක්
a loveable koala - ආදරණීය කෝලා
a famous pop singer - ප්‍රසිද්ධ පොප් ගායකයෙක්
a poisonous snake - විෂ සර්පයෙක්



මෙයින් නාම විශේෂණ නිර්මාණය වන ආකාරයන්ගෙන් පළමු ආකාරය වන adjectives ending ආවරණය කල අතර ඊලග ලිපිය මෙහි දෙවන ආකාරය සමග ගෙනෙන්නට බලාපොරොත්තු වනවා .

Comments